Saturday, 6 December 2014

සීතල ඔහිය චාරිකා පෙලගැසුම.

අගෝස්තු මස 24 දින රාත්‍රී තැපැල් දුම්රිය බදුල්ල බලා දාවනය වෙමින් තිබුණි.වේයන්ගොඩ දුම්රිය ස්ථානයට දුම්රිය ලගාවීමට තිබුණේ රාත්‍රී 9.38ටය.අපි අට දෙනෙකුගෙන් අපේ කණ්ඩලම සන්නද්ධ වී තිබුණ අතර ගෙවල් වලින් පිටවූයේ ගොම්මන් වැටීගෙන එන විටය.ඒ මන්ද..........දුම්රියට ගොඩවීමට පෙර මත්පැන් වතුර ටිකක් තොල ගා ගැනීමටය.සියලුම දෙනා අතරේ ගමනට අවශ්‍ය බඩු බාහිරාදිය ඉහටත් උඩින් ගමන් මළු වල පොදි බැදගෙනය.ඒ මන්ද කදවුරක් කිරීමට උවමනා බඩුබාහිරාදිය ගෙන යාමට සිදුවීමයි.ඒ කලමනා අතර කූඩාරම,ලන්තෑරුම්,හට්ටි මුට්ටි,ලනු තව බොහෝ දේ ඒ අතර විය.ඔය හමදේමත් රැගෙන දුම්රිය පොලට එනවිට ගොම්මන් වී තිබිණි.ඒ වන විටත් රට බීම බෝතල් 2ක් හා විස්කි ලීටරයක්ව් අප සතුව තිබීම අපිට මහත් සතුටුදායක  ආරන්චියක් විය.සප්පායම් වීමට තැනක් නොතැනක් බැලුවෙ නැත.වේදිකාවේ කෙරවලට වීමට වැඩසටහන දැමීය.දුම්රියේ සිට ඔහිය බලා ලියමි පදවැල් නොකඩවා.....................
සීතල ඔහියේ මගේ ජීවිතේ මම ලියන්නට මම හිතාගෙන හිටියෙ මීට පොහොයවල් කීපයකට පෙර සිටයි.කෙසේ වෙතත් රැකියාවේ කාර්යබහුලවීමත් ඒකට එක හේතුවක්.කොහොම නමුත් අද සිට මගේ සොඳුරු සත්සරයේ දිගහැරුම මෙසේ සටහන් කරන්නයි හිතාගෙන ඉන්නෙ ඉතින්.
ඔන්න ඉතින් ඊයෙ පෝය දවස වගේම මීරිගම සoඝමිත්තා පෙරහැරත් තිබුණ.මමත් ඉතින් හවස ඉදන්ම දත කට මැදගෙන හිටියෙ ඕක බලන්න යන්න.කොහොම හරි හැන්දෑ වෙනකොට ගෙදරින් එලියට පැන ගත්ත.දැන් ඉතින් මගෙ හිත කීරි ගැහෙන්නෙම අරක්කු ටිකක් බොන්නෙ කොහොමද කියල.පෙරහැර බලනව කියල ඕක ඉතින් නිකම්ම බලන්න පුළුවන් එකක්වැ නොවැ.කොහොමහරි යාලුවෙකුත් එක්ක සෙට් වෙලා ගල් බෝතලයක් ගෙනාව කියහන්කෝ.රුපියල්1400 උනා ඉතින්.වැඩේ කියන්නෙ බොන්න ගත්ත විතරයි.මොන බීමක්ද තනිකරම බෝතලේ සචිකල් ඉස්පිරිට්.එතනෝල්. ඇත්තමයි බෝතලේ ගත්තෙ උක්කුං අයියගෙන් මම මේ ඊයෙ රෑ ඉදන් මිදුලට වෙලා ඉන්නෙ ඌ පාරෙවත් යයිද කිය කියා.........

Sunday, 4 May 2014

   ගෙදර  බුදුන් අම්ම..................
Good morning all the my friend's............

Thursday, 24 April 2014

මිහිකත දිනය දා


ලෝක මිහිකත දිනය අප්‍රේල් 22 වන දිනට යෙදී තිඛෙන අතර සෑම වසරකම මිහිකත දිනය සමරමින් ලොව පුරා විවිධ උත්සව හා වැඩසටහන් පවත්වනු ලැබේ. වර්ෂ 1970 දී ප්‍රථම වරට මිහිකත දිනය සමරනු ලැබුවේ එක්සත් ජනපදයේය. එය සංවිධාන කරනු ලැබුවේ තරුණ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩෙනිස් හේස් විසිනි. එවකට එක්සත් ජනපදයේ සෙනෙට් මන්ත්‍රීවරයෙකු වූ (විස්කොන්සින්) ගේලෝඩ් නෙල්සන් හා පීට් මැක්ලොස්කි (කොංග්‍රස් මන්ත්‍රී) විසින් ඒ සඳහා පිටුබලය ලබාදුනි. එක්සත් ජනපදයේ බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළට මිලියන 20 ක් පමණ ජනයා එක් රොක් වී ජලය හා වායුව දූෂණයවීම, ජීවීන් වඳවී යෑම පිළිබඳව, තෙල් කාන්දුවීම්වලට, දූෂිත කර්මාන්තශාලාවලට, දූෂිත විදුලිබලාගාරවලට, කැලි කසල කඳුවලට, කෘෂි රසායනිකවලට හා පරිසර පද්ධති වනසන අධිවේගී මාර්ගවලට සිය විරෝධය පළ කළහ.

1970 වර්ෂයේ පළමු මිහිකත දිනය සැමරීම එක්සත් ජනපදයේ සිදු කළ අතර, අනතුරුව එළඹි සෑම වර්ෂයකම මිහිකත දිනය ලෝකය පුරා සමරනු ලැබීය. 44 වන ලෝක මිහිතල දිනය මෙවර යෙදී තිඛෙන අතර, එය සැමරීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයක් මත විශේෂ වැඩසටහනක් ජාතික විද්‍යා පදනම විසින් සංවිධාන කරනු ලැබීය. අද(22) ජාතික විද්‍යා පදනමේ පැවති ලෝක මිහිකත දිනය සැමරීමේ උත්සවය සඳහා එක් වූ අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ රටට දැන් අවශ්‍ය වන්නේ වරාය, ගුවන්තොට, අධිවේගී මාර්ගවලට වඩා ජලය සංරක්ෂණයට මුල්තැන දෙන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි. නිකුත් වී ඇති විද්වත් (IPCC) වාර්තාව අනුව ගෝලීය උණුසුම 20ක‍ වැඩිවීම වැළැක්විය නොහැකි තත්ත්වයක් වෙමින් පවතින බවත්, 2030 ට පෙර ඉන්ධන භාවිතය අඩු තරමින් 35% කින් වත් කප්පාදු නොකළහොත් නියඟය, ගංවතුර, සාගර ජලය ආම්ලිකවීම, සාගර ජලය ගොඩබිමට ගැලීම, සුලිකුණාටු, කොරල්පර හා ජීවීන් වඳවීම ඇතුළු භයානක පරිසර විනාශයන් සිදුවිමට නියමිත බව විද්වතුන් ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවර මිහිකත දිනයේ තේමාව ''තිරසර නගර ගොඩනැංවීම''  වුවත්, ඉදිරි දශකයේ මාරකය වන්නේ ඉන්ධන නොව ජලය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෘෂි රසායන හා කර්මාන්ත අපද්‍රව්‍ය මගින් ජලය දූෂණයවීම, මෝසම් වැසි අවුල්වීම, නියඟය හා ගංවතුර ඇතිවීම ආදිය නිසා බීමට ජලය, ගොවිතැනට ජලය හා බලශක්තියට ජලය අර්බුදයක් වනු ඇති බවත්, සාගර ජලය රටතුළට පැමිණීමෙන් සාගර ජලයේ ආම්ලිකතාව වැඩිවීම නිසා සාගර සත්ත්වයන් හා කොරල් මරණයට පත්වීමෙන් අර්බුදයක් පැන නගින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ එක්තරා කාලයක කාර්මීකරණයට, දියුණුව සංවර්ධනය යැයි හඳුනාගන්නාදේට මනුෂ්‍ය ජීවිත විශ්මය ජනක ලෙස වෙනස් කරන්න පුළුවන් යැයි විශ්වාසයක් පැවතිණ. පළමු යුරෝපා යුද්ධයෙන් හා දෙවන බටහිර ලෝක යුද්ධයෙන් විද්‍යාවේ තාක්ෂණයේ, රසායනික ක්ෂේත්‍රයේ, පණිවිඩ සන්නිවේදන ක්ෂේත්‍රයේ බලශක්ති ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ඇති විය. මෙම දියුණුව හා සංවර්ධනය හඹා යාම අපේ රටවලත් ප්‍රධාන විශ්වාසය විය. මෙම කඩිනම් සංවර්ධනය හා දියුණුව හඹායාමෙන් අද ලොව බොහෝ රටවලට විවිධ ප්‍රශ්නවලට මුහුණ සිදුව තිබේ. එහි ප්‍රතිවිපාක අද මානව වර්ගයාගේ පැවැත්මට ප්‍රබල අභියෝගයක් වී තිඛෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මතුවී තිඛෙන ගැටළු පිළිබඳව විද්‍යාඥයන් මගින් රජය දැනුවත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමටත් සංවර්ධනයේ, විද්‍යාවේ, අනාගත ප්‍රමුඛතාවන් මොණවාද යන්නත් රටට පෙන්වාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

මිහිකත දිනය සැමරීමේ උත්සවය සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජයතිලක, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය ඩබ්. එල්. සුමතිපාල, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති මහාචාර්ය ඕ.කේ. දිසානායක, පරිසර හා පුනර්ජනනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මෙන්ම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල නිළධාරීන්, ගුරුවරුන් හා පාසල් ශිෂ්‍යයන් රැසක් සහභාගී වූහ.