Saturday, 6 December 2014
සීතල ඔහිය චාරිකා පෙලගැසුම.
අගෝස්තු මස 24 දින රාත්‍රී තැපැල් දුම්රිය බදුල්ල බලා දාවනය වෙමින් තිබුණි.වේයන්ගොඩ දුම්රිය ස්ථානයට දුම්රිය ලගාවීමට තිබුණේ රාත්‍රී 9.38ටය.අපි අට දෙනෙකුගෙන් අපේ කණ්ඩලම සන්නද්ධ වී තිබුණ අතර ගෙවල් වලින් පිටවූයේ ගොම්මන් වැටීගෙන එන විටය.ඒ මන්ද..........දුම්රියට ගොඩවීමට පෙර මත්පැන් වතුර ටිකක් තොල ගා ගැනීමටය.සියලුම දෙනා අතරේ ගමනට අවශ්‍ය බඩු බාහිරාදිය ඉහටත් උඩින් ගමන් මළු වල පොදි බැදගෙනය.ඒ මන්ද කදවුරක් කිරීමට උවමනා බඩුබාහිරාදිය ගෙන යාමට සිදුවීමයි.ඒ කලමනා අතර කූඩාරම,ලන්තෑරුම්,හට්ටි මුට්ටි,ලනු තව බොහෝ දේ ඒ අතර විය.ඔය හමදේමත් රැගෙන දුම්රිය පොලට එනවිට ගොම්මන් වී තිබිණි.ඒ වන විටත් රට බීම බෝතල් 2ක් හා විස්කි ලීටරයක්ව් අප සතුව තිබීම අපිට මහත් සතුටුදායක ආරන්චියක් විය.සප්පායම් වීමට තැනක් නොතැනක් බැලුවෙ නැත.වේදිකාවේ කෙරවලට වීමට වැඩසටහන දැමීය.දුම්රියේ සිට ඔහිය බලා ලියමි පදවැල් නොකඩවා.....................
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment